Colombo Today Local News

ගොඩබෑම අත්හිටවූ ලිට්‍රෝ නැවත තත්ව පරීක්ෂණයක් ඉල්ලයි

ප්‍රමිතිය පිළිබඳ ගැටලුව හේතුවෙන් ගොඩබෑම අත්හිටවූ ගෑස් සම්බන්ධයෙන් නැවත තත්ව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇතැයි එම සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 6400ක් ගබඩා කර ඇති නැව් දෙකක ගෑස් ප්‍රමිතියෙන් තොර යැයි තීරණය කරමින් පාරිභෝගික අධිකාරිය ඒවා ගොඩබෑම අත්හිටුවීය.

මෙම තීරණයත් සමග අදාල නෞකා දෙක මේ වන විට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංගුරම්ලා තිබෙන අතර එම ගෑස් තොගය නිදහස් කර ගැනීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ගෑස්වල සුවඳ වහනය වීමට යොදන ‘එතිල් මර්කැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට අදාල නෞකා දෙකේ ඇති ගෑස්වල අඩංගු වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වීමෙන් මෙසේ ගොඩබෑම අත්හිටුවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය උසස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව අද (16) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ අදාල නෞකා දෙකේ ගෑස් එම ආයතනයේ මැදිහත්වීමෙන් පරික්ෂා නොකළ බවත් තම ආයතනයේ සාමාජිකයෙකු ඒකාබද්ධ විශේෂ තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය දැරීම පමණක් සිදුකළ බවත්ය.

Related posts

රජයේ වියදමින් ඔබේ ඉඩමේ පස් බුරුල් කරගැනීමට අවශ්‍යනම් ඇවිත් යන්න කියා මට ආරාධනා කරන්න

colombotoday

“NGO කාරයන්ට ඕන වුණාට අලුත් ව්‍යවස්ථාවක් අපට ඕන නෑ” – රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වට ගෙවා ඇත්තේ අඩු වන්දියක් – කොමිසමේදී හෙළිවෙයි

colombotoday

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් 69කට කොරෝනා

colombotoday

ලන්ඩනයේ LTTE සැමරුම් උත්සව

colombotoday

‘වැට් බද්දෙන් ව්‍යාපාරිකයා සුනේ සුන්’.. ඉතිහාසයේ මුල්වරට ගම්පහත් හර්තාල්

colombotoday