Colombo Today Sports News

එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ පැනවීමට ICCය පියවර ගෙන තිබේ.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ නිමා වූ තුන්වන එක් දින තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන්.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ ගාස්තුවෙන් සියයට 40ක දඩයක් නියම කිරීමටයි ICCය තීරණය කර ඇත.

තරග තීරක රිචී රිචඩ්සන් විසින් ICCයට පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය අවසන් වන විට පන්දුවාර 02ක් අඩුවෙන් යවා තිබූ බවයි.

එමෙන්ම මෙම තරගයේදී ධනුෂ්ක ගුණතිලක විසින් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ වගන්තියක් උල්ලංඝණය කර ඇති බවත් ICCය පවසයි.

Related posts

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

දෙවන T20 තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් උදුරා ගනී

colombotoday

ශ්‍රී ලංකා පිලේ මීළඟ පුහුණුකරු ගැන මාතෘකාව කරළියට. – මහේලට ලැබෙන්න යන දේ

colombotoday

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

Admin

සනත් ජයසූරියගේ සම්බාධක කාලය අවසන් වෙයි

colombotoday

බංග්ලාදේශය ලකුණු 110 ට සියලුදෙනා දැවී යයි. ශ්‍රී ලංකාව කඩුළු 3 ක් දැවී ලකුණු 199 ක් ඉදිරියෙන්

colombotoday