World

අමෙරිකාව දෙවන කොවිඩ් එන්නතක් සදහා අනුමැතිය ලබාදීමට සුදානමින්

අමෙරිකාව දෙවන කොවිඩ් එන්නතක් සදහා අනුමැතිය ලබාදිමට සුදානම් වෙයි. ඒ අනුව එරට නිපදවු මොඩර්නා එන්නත එරට ආහාර හා ඖෂධ පාලනාධිකාරිය මගින් අනුමත කිරිමට නියමිතය. එය සියයට අනුහතරක සාර්ථකත්වයක් පෙන්වා තිබෙ.ෆයිසර් එන්නත එරට ජනතාවට ලබාදීම ඉකුත්දා ඇරඹුනි.

මේ අතර ලබන වසරේ මාර්තු මාසයේදී තම රටේ ජනතාවට කොවිඩ් එන්නත ලබාදීමට ක්‍රියා කරන බව සෙනගාල රජය පවසයි.ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් සංවිධානය , ලෝක බැංකුව සහ යුරෝපා සංගමය සහාය ලබා දෙන බව සෙනගාල සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය. කොවිඩ් එන්නත අනුමත කළ පළමු ආසියානු රට වන්නේ සිංගප්පුරුවයි.මේ වනවිට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් මිලියනය ඉක්මවු රටවල් සංඛ්‍යාව 15 ක් දක්වා ඉහල ගොස් තිබේ. අවසන් වරට ඒ් සදහා එක්වුයේ ඉරානයයි.පේරු සහ යුක්රේන රාජ්‍යය ද ඊට ආසන්නව සිටී.

Related posts

ත්‍රස්තවාදයට එරෙහිව පුටින් සහ ඔබාමා විශේෂ සාකච්චාවක

colombotoday

ඉන්දුනීසියාවේ කිතුනුවන්ට එරෙහි ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර දරුණු අතට. අන්තවාදීන් මර්ධනයට හමුදා විශේෂ බලකායක් යොදවයි.

colombotoday

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

colombotoday

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

Admin