Colombo Today Local News

මව පියා සහ පොඩි පුතු එක්ව ‘වැඩිමහල් පුතුගේ’ අත්දෙක කපා හිස කඳින් වෙන්කරයි.

සිය බාල පුතා සමඟ එක්ව වැඩිමහල් පුතුගේ පසුපස හඹාගොස් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ එම පවුලේම මව සහ පුතෙකු මන්නා පිහියක්ද සමඟ ඊයේ (15)දින අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය සඳහන් කළා.

ඝාතනයට ලක් වූයේ මීගහතැන්න බෝතලාව කහටගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්.ඩී. ශාන්ත කුමාර හෙවත් සම්පත් නමැති (37) නමැත්තෙකි.

සැකකාර පියා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මියගිය පුද්ගලයා පෙරේදා (14)දින දහවල් යතුරුපැදියකින් සිය නිවෙසේ සිට පැලවත්ත නගරයට යෑමට පිටත්වෙද්දී ඔහුගේ නිවෙස අසල දී මව සහ පියා පැමිණ යතුරුපැදිය නතර කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

බියට පත්වූ යතුරුපැදිකරු, යතුරුපැදිය එම ස්ථානයේ දමා ඒ ආසන්නයේ වෙල්යාය හරහා දිව ගොස් ඇති අතර ඔහුගේ පියා සහ මල්ලී තියුණු ආයුධයක් රැගෙන ඔහු පසුපස හඹා ගොස් අත් දෙක වෙන් වන සේ තියුණු ආයුධයකින් කපා හිසට ද පහර දී වෙන්කර මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිදු වූ ඝාතනය කලක සිට පවුලේ පිරිස අතර පැවත එන ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිසිය සඳහන් කළා.

Related posts

රත්තරන් මිලේ සුළු වෙනසක්

Admin

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින්, සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් වර්ජනයේ

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට මෛත්‍රී-රොද්‍රිගෝ එකතාවයක්…

colombotoday

බිලියන10ක් ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා

Admin

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

colombotoday

කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

colombotoday