Colombo Today Local News

“සිරිසේන – වික්‍රමසිංහ හවුලට වැඩ බෑ.. ජනතාව කබලෙන් ළිපට වැටුණා.. උලා කන්නයි දැන් වෙලා තියන්නේ” – ජවිපෙ

vijitha herath jvp

රාජපක්ෂ ආණ්ඩුවට නොදෙවැනි සිරිසේන – වික්‍රමසිංහ හවුලත් ණය ලබාගෙන රට එක පැත්තකින් ණය බරත් අනෙක් පැත්තෙන් බදු බරත් පටවමින් සිටින බවත් පරණ ආර්ථික මොඩලය අතුගා දමා නව ආර්ථික මොඩලයක් ගෙන ඒමේ කටයුත්තට කාලය එළැඹ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.

ආර්ථික විශේෂඥයන් යැයි පාරම්බාමින් සිටි යහපාලන කොටස්කරුවන් වැට් බද්ද 51% වැඩි කර රටේ ජනතාව කබලෙන් ළිපට වැට්ටවූවා යැයිද රටේ ජනතාව එහෙට මෙහෙට ණය වී අවුරුදු චාරිත්‍ර ඉටු කළ බවත් ජනතාව අවුරුදු කෑවා වෙනුවට උළා කෑ බවත් අවුරුද්ද සමරා නිම වන්නටත් මත්තෙන් 15% වැට් බද්දක් අවුරුදු ත්‍යාගයක් වශයෙන් ජනතාවට පිළිගැන්වූ බවත් පෙන්වා දෙයි.

විජිත හේරත් මහතා දිනපතා පුවත්පතකට අදහස් දක්වමින් මෙම අදහස් පළ කර තිබූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

“ආණ්ඩුව අවුරුද්දට කියලා කිසිම සහනයක් දුන්නෙ නැහැ. ජනතාව අවුරුදු කෑවා නෙවෙයි උළා කෑවා. එහෙට මෙහෙට ණය වෙලා අවුරුදු චාරිත්‍ර ඉෂ්ට කළේ. එහෙම සමරපු අවුරුද්ද ඉවර වෙද්දීම මේ ආණ්ඩුව තෑග්ගක් දුන්නා.

ඒ සහන වෙනුවට කොටස් වෙළෙඳපොළේ ලාභාංශවලට 0.3% පැනෙව්වා. විශ්‍රාම වැටුප ගන්න ගොඩක් අය ඔවුන්ගේ විශ්‍රාම වැටුප කොටස් වෙළෙඳපොළේ දාලා රෝලක් ගැහුවේ. ඒකේ බලපෑමත් දැන් ඔවුන්ට වදිනවා. ඒ අවුරුද්ද ඉවර වෙන්න කලින්ම ජනතාවට තෑගි කළා.

වැට් බද්ද 15%කින් වැඩි කළා. ඒ තුළින් භාණ්ඩ හා සේවා දෙකටම බලපානවා. ජංගම දුරකතනයට අදාළ බද්ද උදාහරණයකට ගන්න පුළුවන්. දැනටමත් ජාතිය ගොඩනැඟීමේ බද්ද ආදී බදු කිහිපයක් ක්‍රියාත්මකයි. ඒ වගේම දුරකතන බිලෙන් 50%කට ආසන්න බද්දක් එනවා. ඒක ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනවා. ඒ වගේම සෞඛ්‍ය සේවයට වැට් බද්ද සෘජුවම වැඩි වෙනවා. ඖෂධ මිලට ගැනීමේදී ජනතාවට පවතින මිලට වැඩි ප්‍රමාණයක් ලබා දීමට සිද්ධ වෙනවා. සබන් කැටයේ සිට සෑම භාණ්ඩයකටම පොදුවේ මේ ප්‍රශ්නය එනවා. මේ කළේ පොදුවේ රටේ ජනතාවගේ බඩට පහර ගැසීමක්. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රුපියල් බිලියන 1.5ක ණයක් ගන්න යනවා. මුදල් ඇමැති මේ දවස්වල විදේශ ගතවෙලා ඒ කටයුතුවලට.

ගිය අවුරුද්දේ ණය හිරවෙලා. ඒ ණය ගෙවන්න තියෙද්දී තව ණය ගන්නවා. මේ ණය ගැනීමෙන් රට තව තව ණය උගුලෙ හිරවෙනවා. එක පැත්තකින් ණය බර අනෙක් පැත්තෙන් බදු බර. ජනතාව දැන් කබලෙන් ළිපට වැටිලා ඉන්නේ.”

Related posts

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩුවට විරෝධතා ගොනු කරන්න හිටපු ජනපති මෛත්‍රීට කල් දෙයි

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිලට ?

colombotoday

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට

colombotoday

උත්තර පත්‍ර පරීක්ෂක අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ග ගත ක්‍රමයට

colombotoday

ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ 20/20 තරඟයේ දී ක්‍රිකට් විධායක කමිටුවේ වියදම් මැතිසබයේ දී එළියට

Admin

මුස්ලිම් මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති ලේකම් කාර්යාලයට.

colombotoday