මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇත්තේ ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ හතහමාරක් බවත් අදටත් ශ්‍රීලනිප ඡන්ද වැඩි කොටසක් මහින්ද රාජපක්ෂ මහතාට බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
මහනුවරදී ජනහමුවක් අමතමින් ශ්‍රීලනිප පාක්ෂිකයන් ඉන්නේ ජනාධිපති මෛත්‍රී මරාගෙන කන්න බලාගෙනයැයිද අමාත්‍යවරයා කියා සිටියේය.
අදටද ගමේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයා සිටිනුයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ යයිද කී ඇමතිවරයා එසේ වුවත් ඔහුට යලි ඡන්දයක් දිනන්නට හැකියාවක් නැතැයිද කීය.