හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිළධාරියෙකු වන නෙවිල් වන්නිආරච්චි මහතාට අයත් වීරකැටිය මැදමුලනේ පිිහට ඉඩම අද (27)දිනයේත් කැණීම් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව පවසයි.
අදාළ ඉඩමේ රත්තරන් සහ මුදල් වළ දමා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම කැණීම් සිදු කරන අතර ඊයේ දිනයේ සිදු කළ කැණීම්වලදී කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම කටයුතු සිදු කෙරෙනවා.