Colombo Today Local News

‘හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ ‘ – බොරැල්ලේ අත්බෝම්බ සිද්ධිය ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක්

දේශපාලන බල හුවමාරු වෙනුවෙන් සිදුනොවිය යුතුදේ රට තුළ සිදුවී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කඩවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“දේශපාලන බල හුවමාරුව වෙනුවෙන් අපේ රට ඉතාමත් විනාශකාරී මුඛයකට ඇදගෙන ගිහින් තියෙනවා. බලය ලබාගැනීම වෙනුවෙනුත් අපේ රටේ සිදුනොවිය යුතුදේ සිදුවෙලා තියෙනවා.”

“තාමත් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්, මීට පෙර ඔවුන්ම හඳුන්වාදෙනු ලැබූ මහමොළකරුවන් කිසිවෙක් හෙළිදරව් කරගන්න සමත්වෙලා නෑ. සමාජයේ අද විශාල සැකයක් නිර්මාණය වී තිබෙනවා. මෙය බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් ද කියන තරමට ඒ සැකය වර්ධනය වෙලා.”

“බොරැල්ලේ අත්බෝම්බයක් තැබීම පිළිබඳ සිදුවීම. පොලීසිය අත්අඩංගුවට ගන්නේ එම දේවස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කළ කෙනාව. හැබැයි ඔහු බෝම්බය දකින්නැති කෙනා. කාදිනල් හිමියන් CCTV බලලා කිව්වා බෝම්බය ගෙනාපු කෙනා උදේ ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට පොලීසිය ඒ තරම් බොළඳ ද?”

“සාමාන්‍යයෙන් අපේ රටේ පොලීසියට හොඳ ඉවක් තියෙනවා. එහෙත් අපේ රටේ හෙළිදරව් නොවූ අපරාධ තිබෙනවා. මේ හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ. මේක සත්‍ය.”

“පොලීසිය හරි නම් සතියකට එහාපැත්තේ සිට CCTV දර්ශන පරීක්ෂා කරන්න ඕනේ. හැබැයි උදේ බලන්නේ නෑ. සැකයක් නැද්ද?”

අපේ රටේ දේශපාලනය මොන තරම් විනාශකාරී ද? අපරාධකාරී ද?”

Related posts

දිවයිනටම ඇඳිරිනීතිය කියා රටටම බොරු කියූ තරුණයා අත්අඩංගුවට

colombotoday

ආසාදිතයින් සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළට. අද දිනට 45 වැනි රෝගියාත් වාර්තා වේ.

colombotoday

අනවසර ගොඩ කිරීම් නවතන්න ගිය රන්ජන්ට ජෝන්ගේ ආධාරකරුවන්ගෙන් ජල ප්‍රහාරයක්

colombotoday

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

colombotoday

කොරෝනා නිසා මෙරට ආර්ථිකය සෘණ වේවි

colombotoday

හම්බන්තොටින් ඉදිරිපත් වෙන්න ඇති බව නිසා සජිත් කොළඹින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා- මහින්ද

colombotoday