World

මගීන් 80ක් සමග ඊජිප්තු ගුවන් යානයක් පැහැර ගනී.. පැහැරගත් යානය සයිප්‍රසයට ගොඩබස්වයි

egypt air 123

ඊජිප්තු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමකට ලක්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පැහැරගැනිමට ලක්ව ඇත්තේ එයාර්බස් ඒ 320 මගී ගුවන්යානයක් වන අතර යානය මගීන් 80ක් රැගෙන ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර සිට කයිරෝව බලා පියාසර කරමින් තිබූ බවයි සදහන් වන්නේ.

පැහැරගැනීමට ලක්වූ යානය මේ වන විට සයිප්‍රසයේ ලාන්කා ගුවන්තොටුපලට ගොඩ බස්වා ඇති බව සයිප්‍රස් බලධාරීන් තහවුරු කළ බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ.

ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු විසින් යානය පැහැරගත් බව ගුවන් නියමුවන් විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම යානයේ බෝම්බයක් ඇති බවට සැක කෙරෙන බවත් පැවසෙන අතර සයිප්‍රස් රාජ්‍ය ගුවන්විදුලිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යානයේ සිටි ළමුන්ට සහ කාන්තාවන්ට යානයෙන් පිට වීමට අවසර ලබා දී ඇති බවයි.

Related posts

ලොව උසම සුනකයා මිය යයි

Admin

හිස්බුල් මුජාහිදීන් නායකයා ඉන්දියාවට පහර දීමට තලේබාන් ත්‍රස්තයන්ගේ සහය පතයි.

colombotoday

යුක්‍රේනයේ වේල්ල කැඩී ගංවතුර ගැලූ ප්‍රදේශවලට රුසියාවෙන් නොකඩවා ෂෙල් ප්‍රහාර

Admin

රුසියාවේ උමං දුම්රියපොළක පිපිරීමක් (Video)

colombotoday

ස්පාඤ්ඤයේදී නීති විරෝධී දුම්කොළ නිෂ්පාදනය කළ යුක්‍රේනියානුවන් 27ක් අත්අඩංගුවට

Admin

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin