Colombo Today Local News

1500ක සහනාධාර පොහොර මිටියක් 3400කට විකුණු ව්‍යාපාරිකයාට වැඩ වරදී | ලක්ෂ 18ක පොහොර අත්අඩංගුවට

වැඩිමිළට විකිණීම සදහා සගවා තිබූරුපියල් ලක්ෂ 18ක්පමණ වටිනා රසායනික පොහොර මිටි 1200ක් රිදීමාලියද්ද කුඩාලුනුක ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම රසායනික පොහොර මිටි තොගය සගවා තබා ගෙන සිටි රිදීමාලියද්ද කුඩාලුනුක මහයාය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ව්‍යාපාරිකයාට නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොහොර මිළදී ගන්නා මුවාවෙන් රහසේ උපායදූතයකු යොදවා සිදු කළ වැටලීමකදී මෙම ව්‍යාපාරිකයා රුපියල් 3400ක මුදලට රජයේ සහනාධාර පොහොර මිටියක් විකිණීමේදී මෙසේ අල්ලාගෙන නඩු පැවරූ බව ද නිලධාරීහු සදහන් කළහ.

රුපියල් 1500ක මුදලකට ගොවීන් සදහා මෙම රසායනික පොහොර මිටියක් අලෙවි කිරීමට නියමකර තිබියදී මෙම ව්‍යාපාරිකයා සහනාධාර පොහොර මිටියක් රුපියල් 3400ක මුදකට හොර රහසේ විකුණා ඇති බවට තොරතුරු අනාවරණය විනැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.

Related posts

කාෂ්මීර ත්‍රස්තයින් ලංකාවට? කටුනායක ගිනි ගනී!

Admin

චම්පික ඉන්නේ 2025 ජනාධිපති වෙන්නයි.. විධායකය අහෝසි කරනවාට ඔහු විරුද්ධ ඒකයි – වියන්ගොඩ

colombotoday

ගම්පහ ආසාදිතය‍ෝ 185ක් දින ගණන් ගෙවල් වල

colombotoday

සමරිසි ප්‍රජාවට ඡන්දේ දාන්න වෙනම පෝලිමක්

Admin

ගවයන් අතරත් පැතිර යන නව වෛරස් රෝගයක්

colombotoday

“මංතීරුව හදල තියන්නේ අනවසරයෙන්.. ලොකු ගාණක් යටිමඩි ගහලා.. මං ඒක කැඩුවා” – ජෝන් ඇමති

colombotoday