Colombo Today Local News

පානීය ජලයට ටිනර් මුසු වී හබරාදුව පාසලක සිසුවියන් 4ක් රෝහලේ

හබරාදුව ලණුමෝදර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් 04 දෙනෙකු විසින් පානය කළ ජලයට ටිනර් මිශ්‍රවීමෙන් රෝගී වීම නිසා එම සිසුවියන් සිව්දෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

මෙම සිසුවියන් සිව්දෙනා පාසල් කාලය තුලදි දිවා අහාරය ගැනීමෙන් පසු නිවෙස්වලින් රැගෙන එනු ලැබු බෝතල්වල තිබු ජලය පානය කොට ඇත.ඒ සමග ඇතිවු රෝගි තත්වයක් හේතුවෙන් මෙම සිසුවියන් සිව්දෙනා කරාපිටිය ශික්ෂණ රෝහලේ 35 වාට්ටුවට ඇතුලත් කර ඇත. සිසුවියෝ සිව්දෙනා 10 වසරේ ඉගෙනු ලබති.

සිසුවියන් විසින් ජලය රැගෙන එනු ලැබු බෝතල්වලට කිසියම් අයකු විසින් ටිනර් දැමුවාද යන්න පිළිබද පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත. ඒ අනුව එක් සිසුවියකගේ බෑගයේ ටිනර් බෝතලයක් තිබී ඇති බව පොලිසිය පවසයි. පොලිසිය විසින් මෙකි සිසුවියගෙන් කළ ප්‍රශ්න කිරිමේ දි ඇය පවසා ඇත්තේ තමන්ගේ බෑගයට කිසිවකු විසින් ටිනර් බෝතලයක් දමා ඇති බවය.

මෙම සිසුවියන් සිව් දෙනාගෙන් සිසුවියන් දෙදෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

ජාවාරම්කරුවන් එක්ක හරක් හොරකමේ ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

දිලීපන් සැමරුමට ගිය මන්ත්‍රී සෙල්වරාසා පොලිස් භාරයට

colombotoday

කොල්ලකරුවන්ගේ රජ දහනක් විල්ගොඩ පිරවුම්හල

colombotoday

හොර උප්පැන්න හැදුවාට ඩයනාට බඩු!

Admin

ජනපති අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

ගුවන්තොටුපළට ලැබුණු ඊමේල් ඔත්තුව විමර්ශයට

colombotoday