Colombo Today Local News

පොදු ප්‍රවාහන භාවිතයට අදාළව නිරෝධායන නියෝගයක්

පොදු ප්‍රවාහනයේදී භාවිත කරන මෝටර් වාහනයක අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බවට ත්, ධාවනය වන අවස්ථාවේදී කිසිදු මගියෙකු සිට ගෙන ගමන් නොකළ යුතු බවට ත් නිරෝධායන නියෝගයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, 2020 10.15 දිනැති අංක 2197/25 දර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත රෝග වැළැක්වීමේ රෙගුලාසිවල‌ට අනුකූලවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලුම පොලිස් නිලධාරීන් දැනුම්වත් කරන ලෙස දන්වා ඇති අතර ඊට පටහැනිව ක්‍රියා කරන්නේ නම්, නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධානයන්ට අනුකූලව කටුයුතු කළ හැකි බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් දැලේ

colombotoday

කසාවතට දිවි කැප කළ සිල් මාතාවක් ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක්….

colombotoday

යාපනය දේව මෙහෙයට ගියානම් ස්වයං නිරෝධායන වෙන්න

colombotoday

ඩයස්පොරා සමුළුවේ ප්‍රධාන දේශනයට අගමැති සිංගප්පූරු යයි !

colombotoday

ගොවීන්ගේ අතිරික්ත එළවළු සහ පලතුරු තොග රජය මිලදී ගනී

colombotoday

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin