Colombo Today Local News

ගැබිණි පෝෂණ මල්ලත් නවතී.. ඒ වෙනුවට වව්චර් දෙන්න යයි

poshana malla

බිණි මව්වරුන්ට මාසිකව ලබාදෙන පෝෂණ මල්ල වෙනුවට වවුචර්පතක් ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන්කළේ ඊට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලය හමුවට යොමු කරන බවය.

මාසිකව ලැබෙන පෝෂණ මල්ල ලබාගැනීමේදී තමන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවට ගැබිණි මවුවරුන්ගෙන් විවිධ පැමිණිලි ඉදිරිපත් වී තිබීමත් ඇතැම් මවුවරුන් පෝෂණ මල්ල ලබාගැනීම සඳහා අති විශාල දුර ප‍්‍රමාණයක් පැමිණිය යුතු වීමත් නිසා මෙම නව ක‍්‍රමවේදය ඇති කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම නව සංශෝධනය ක්‍රියාත්මකවූ පසු ගැබිණි මව්වරුන්ට තෝරාගත් වෙළඳසැල්වලින් අදාළ වවුචර් පත ඉදිරිපත් කර භාණ්ඩ ලබාගත හැකි අතර එම වෙළඳසැල් තෝරා ගැනීම මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් හරහා සිදු කෙරෙන බව වාර්තා වේ.

Related posts

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin

යතුරුපැදියක් ලොරි රථයක ගැටී අවුරුදු 2ක දැරියක් මරුට

colombotoday

“වෙනම රටක් ඕනෑ කියා දැන් කැටපෝලයක්වත් උස්සන්නෑ“ – දඹර අමිල හිමි

colombotoday

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday

කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට

Admin

දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Admin