Colombo Today Local News

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

shammi33

ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය හමුවේ දැනට මාස නවයක පමණ කාලයක සිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරීව සිටි ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න හදිසියේ රෝගාතුර වී පෙරේදා (19 වැනිදා) රාත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සිරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටි ශම්මි කුමාරරත්න මීට සිව් දිනකට පමණ ඉහතදී හදිසියේ ක්‌ලාන්තයක්‌ හැදී සිහිසුන් තත්ත්වයට පත්ව ඇත.

එහිදී ඔහුට හදිසි ප්‍රතිකාර ලබා දුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ පරීක්‍ෂා කිරීම්වලදී සිරුරේ රුධිරගත සීනි මට්‌ටම සීඝ්‍ර ලෙස පහත යැම හේතුවෙන් ලුතිනන් කර්නල්වරයා ක්‌ලාන්තයට පත්ව ඇති බව අනාවරණය කරගෙන තිබේ.

එතැන් සිට සිරුරේ සීනි මට්‌ටම යළි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කොතෙක්‌ ප්‍රතිකාර ලබා දුන්නද ශම්මි කුමාරරත්න මහතාට සුවයක්‌ ලැබී නැති අතර ඒ අනුව ඔහු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදිය යුතු බවට එම වෛද්‍යවරුන් නිර්දේශ කළ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ සඳහන් කළේය.

මේ අනුව පෙරේදා රාත්‍රී පොලිස්‌ සහ බන්ධනාගාර නිලධාරින් හය දෙනකුගේ ආරක්‍ෂාව යටතේ ලුතිනන් කර්නල්වරයා ජාතික රෝහල ඇතුළත් කිරීමට කටයුතු කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය.

එක්‌නැලිගොඩ සිද්ධිය හමුවේ මේ වන විට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරින් නව දෙනකු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අතර දිගින් දිගටම සිරගත වීමට සිදු වීම හමුවේ ඔවුන් දැඩි මානසික හා කායික පීඩනයකට පත්ව සිටින බව ද පසුගිය දිනවල බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් අනාවරණය විය.

Related posts

දිවුරුම් දීම සූදානම්… එජාප මන්ත්‍රීලා ජනපති කාර්යාලයට එති…

colombotoday

“මම කියපු දේ ජය ගත්තා – බොහොම කණගාටුයි”

colombotoday

ඉදිරි පැය 24 තුළ තවදුරටත් තද වැසි

colombotoday

රණවිරුවන් වෙනුවෙන් මගේ බෙල්ලට තොණ්ඩුව දාගන්නවා !

colombotoday

අති බිහිසුණු මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියානුවෙක් මෙරටට ගෙන්වයි !!

colombotoday

අදත් බස් ධාවනය අඩාලයි

colombotoday