Colombo Today Local News

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

මහා පරිමාණ කිරි​ ගොවීන්ගේ සහ කිරි එකතු කරන්නන්ගේ ඉල්ලීම මත රජය ගව, එළු සහ ඌරු ශුක්‍රාණු සඳහා ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කර ඇත. දේශීය ගවයන්, එළුවන් සහ ඌරන් සමග විදේශීය ජාන වඩාත් පුළුල් ලෙස මිශ්‍ර කිරීම වෙනුවෙන් රජය මෙම පියවර ගෙන තිබේ. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ 2022 ජනවාරි 13 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කර ඇත.

ශුක්‍රාණු ආනයනය සත්ත්ව රෝග පනත යටතේ නියාමනය කෙරේ.

කෙසේ වෙතත් ශුක්‍රාණු සමග රෝග ඇතුළු නොවන බව සහතික කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් තවමත් පූර්ව නිෂ්කාශන අවශ්‍ය වේ. නිරෝධායනයෙන් සහ රේගුවෙන් එම පැකේජ මුදා හරිනු ලබන්නේ ඉන්පසුවය. මෙම ඉල්ලීම පැමිණ ඇත්තේ විශාල ගොවිපොළවල හිමිකරුවන්ගෙන් බවත්, ලංකාවේ පශු සම්පත් කෘත්‍රිම සිංචනය කිරී‍ම් ක්‍රියාවලිය ආරම්භ වී දශක ගණනාවකට පසු ශුක්‍රාණු ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කළ පළමු අවස්ථාව මෙය බවත් පැවසේ.

Related posts

පෑලියගොඩ පට්ටිය හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

වනැල, විහාරගල රක්ෂිතය කැබලි කර බෙදා දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

එක රටක් එක නීතියක් බලකාය රජයේ මුදල් භාවිතා කිරීමක් සිදු නොකරයි.

colombotoday

ඇරන්දිකගේ පුතා ඇතුලු නමයකට ඇප

colombotoday

විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගු කිරීම ආණ්ඩුවේ නිවටකමක් !

colombotoday

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්.

Admin