World

දකුණු අප්‍රිකානු ජනපතිට කොවිඩ්

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදුකළ පරික්ෂණයක දී ජනාධිපතිවරයා වෛරසය ආසාදිතයෙක් බවට හඳුනාගෙන ඇති බව දකුණු අප්‍රිකානු ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

ඔහු මේ වන විට කේප්ටවුන් හි ස්වයං-නිරෝධායනට යොමුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා සුවය ලබන තෙක් රටේ පාලන කටයුතු නියෝජ්‍ය ජනාධිපති ඩේවිඩ් මබුසා ට පවරා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය සතිය තුළ ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ සියලු පාර්ශවයන් කඩිනම් කොවිඩ් පරික්ෂණ සඳහා යොමුවන ලෙස දැනුම් දී ඇති බව දකුණු අප්‍රිකානු ජනාධිපති කාර්යාලය පවසයි.

Related posts

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

colombotoday

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

colombotoday

පරෙවියන් යට කර මැරු රියදුරා අත්අඩංගුවට

Admin

කෘතීම ඥානය සහිත ලොවට අභියෝගයක් වියහැකි අලුත්ම ප්‍රහාරක යානයක්

Admin

ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් රථයකට වෙඩි – පොලිසියේ දෙකක් මරුට

colombotoday

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday