දුනු ඊතළ යොදාගෙන එල්ල කළ මාරක ප්‍රහාරයකින් නෝර්වේ රාජ්‍යයේ පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.
පුද්ගලයින් පස්දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරය එල්ල වී තිබුණේ නෝර්වේ හි කොන්ග්ස්බර්ග් නගරයේදීය.
දුනු ඊතළ යොදා සිදුකෙරුණු ප්‍රහාරයෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි.
මාරක ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විශ්වාසය පළකරන්නේ ඔහු තනිව ප්‍රහාර එල්ල කර ඇති බවය.
එමෙන්ම ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද යන්න සොයා දැඩි විමර්ශනයක්ද ක්‍රියාත්මකය.