World

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

ඉරාකයේ රෝහලක කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලැබූ වාට්ටුවක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ දකුණු ඉරාකයේ නසිරියා නගරයේ අල් හුසේන් රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වෙන් කර තිබූ වාට්ටුවක් එලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි.

එහි සිටි පුද්ගලයින් 16 දෙනෙකු බේරාගෙන ඇති අතර රෝගීන් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මියගිය පුද්ගලයින් අතර සෞඛ්‍ය කාර්්‍යමණ්ඩලයේ දෙදෙනෙකු ද වන බව එම වාර්තාවල සඳහන්. ගින්න මේ වන විට පාළනය කර ඇති අතර සෝදිසි මොහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි.

මාස 03 ක් ඇතුලත ඉරාකයේ කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙන ස්ථානයක ගිනිගැනීමක් සිදුවූ දෙවැනි අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ.

Related posts

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday

න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට රටවල් තුනක් එකඟ වෙයි

Admin

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

colombotoday

ලෝක වෙළඳපොලේ රන් මිල පහළට

colombotoday

අගමැති සටනින් ඇල්බනිස්ට ජය!

Admin

සෞදියේ ජෙඩාහ්, ඇමරිකානු තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන ජිහාඩ් ප්‍රහාරයක් !

colombotoday