Colombo Today Local News

උද්ඝෝෂකයින් නිරෝධායනය කිරීමට අපි නිර්දේශ නිකුත් කර නෑ – PHI සංගමය කියයි

පසුගිය දිනවල පැවති ප්‍රධාන උද්ඝෝෂණ දෙකකට පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිර්දේශ නිකුත් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පසුගියදා පැවැත්වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට සහභාගී වූ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා නිර්දේශ ලබා දී ඇත්තේ කොම්පඤ්ඤවීදිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් වන අතර ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිර්දේශ නිකුත් කර නොමැති බව හෙතෙම පෙන්වාදෙයි.

මේ අතර මෙවැනි උද්ඝෝෂණවලට සහභාගී වන අයවලුන් නිරෝධායන කිරීමට නිර්දේශ ලබා දීම සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් හටගෙන ඇති බැවින් දැනට පැවත්වෙන නිරෝධායන ආඥා පනත යටතේ ඇති ප්‍රධාන කණ්ඩායම් තුන සඳහා පමණක් නිරෝධායනය කිරීම හෝ අධිකරණයට ඉදිරිපත් කිරීම යන කාරණා සම්බන්ධයෙන් නිර්දේශ ලබා දෙන බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

දුමින්දට තවත් නඩුවක් වැටෙයි

colombotoday

ඉන්දියාවෙන් අපට දුන්න ගිලන්රථ සුපිරියි.. දැන් දොස් කියන අයත් පස්සේ හොදයි කියයි – අගමැති

colombotoday

දැනට අළෙවි කෙරෙන ඉන්ධන ලීටරයක මිල 200 කින් අඩුකරන්න පුළුවන්

colombotoday

IDH රෝහලෙත් සා.පෙළ විභාග මධ්‍යස්ථානයක්

Admin

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday

පොහොට්ටුවේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටියේදී පහරදිමක්

colombotoday