Colombo Today Local News

“යුධ අපරාධ හොයන්න විදෙස් සහය.. විදේශ විනිසුරන් ගෙන්වීමටත් සලකා බලනවා” – මංගල

Mangala-Samaraweera

යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වූ විශේෂ අධිකරණයට විදේශ විනිසුරුවරු වෝහාරික විශේෂඥයන්, පරීක්‍ෂකයන් සම්බන්ධ කර ගැනීම ගැන අවධානය යොමු කරන බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා වොෂිංටන් නුවරදී ප්‍රකාශ කර ඇත.

මේ බව ඇසෝෂියේටඩ් ප්‍රෙස්‌ ආයතනය හෙළි කර තිබේ. ඉදිරි මාස පහ තුළ එම විශේෂ අධිකරණය ස්‌ථාපිත කරන අතර ඒ ගැන සෑම පාර්ශ්වයකින්ම කරුනු විමසන බව ද හෙතෙම කියා තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙයට පෙර ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට දේශීය යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරන බවත් ඊට විදේශ විනිසුරුවන් පත් කරන්නේ නැති බවත් සඳහන් කර ඇත.

විදේශ සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව විවෘත බව සමරවීර කීවේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

හිටපු නීතිපති දප්පුලගෙන් පෙත්සමක්

Admin

කොළඹ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මාතලේ, කලුතර රාජ්‍ය සේවකයෝ ගෝඨාභය උඩින් දිනවති !

colombotoday

දිස්ත්‍රික්ක නවයක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

දිවයින පුරා නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල

colombotoday

කොල්ලුපිටිය මුහුදු වෙරළේ මළසිරුරක්

Admin