වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රැදිවියන් වෙනුවෙන් සංවිධානය කරන පොහෝ දින ශීල භාවන වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේද සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඥාණසාර හිමියන් විසින් මෙහෙයවන බුද්ධානුස්සති භාවනාවක්ද පැවැත්වීමට නියමිතය.
එය වැලිකඩ බන්ධනාගාර රෝහල් භූමියේ පිහිටි බුදු මැදුර අභියසදී පැවැත්වෙන අතර කාව්‍යමය ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාද මෙම ශීල වැඩසටහනට ඇතුළත්.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් පවත්වන බුද්ධානුස්සති භාවනාව