Colombo Today Local News

S&P මෙරට දිගු කාලින ණය ශ්‍රේණිගත කිරිම් පහත හෙළයි.. එය ආසාධාරණ ක්‍රියාවක්.. මහ බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ දිගු කාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ අගය CCC+ සිට CCC දක්වා පහත දමා තිබේ.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මෙම තීරණයට එළඹ ඇත්තේ, බාහිර ණය සේවාකරණය සම්බන්ධයෙන් ඇති අවදානම සලකා බලායි.

මෙම ණය ශ්‍රේණිගත කිරීම පහළ හෙළීම හරහා ශ්‍රී ලංකාවේ ඉදිරි විදේශ ණය ගෙවීම් සහ සංචිත මට්ටම පීඩනයකට ලක්ව ඇති බව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊට ප්‍රතිචාර දක්වමින් නිවේදනය කළේ, ලබන ජනවාරි 18 වන දින කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය මුදල වෙන්කර ඇති බවයි.

එවන් පසුබිමක, මෙලෙස ණය ශ්‍රේණිගත කිරීම්වල පහළ අගයකට ශ්‍රී ලංකාව ගෙන ඒමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය කටයුතු කිරීම ආසාධාරණ බව එම නිවේදනයේ සඳහන් ය.

Related posts

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

කාති උසාවිය අහෝසි කරන්න- විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

colombotoday

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

කම්කරුවන් අතින් ගැහෙන සහ ගැලවෙන කම්කරු දින දේශපාලන කටවුට්

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කයම පොහොට්ටුවට.. චන්ද්‍රිකාගේ අත්තනගලු බළකොටුවත් පොහොට්ටුවට

colombotoday

කිරින්ද මුස්ලිම් විදුහලට සජිත්ගෙන් තෑග්ගක්…

colombotoday