Colombo Today Local News

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත වත්මන් රජයේ සෞඛ්‍ය ඇමතිවරයා වන රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සදහා විශේෂ ගුවන් යානයකින් සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලට ඇතුලත් කරේ ඊයේ (21) උදෑසනදීය. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අමාත්‍යවරයා මෙසේ සිංගප්පූරුව වෙත රැගෙන ගොස් තිබේ.

අමාත්‍යවරයා සැපෙන් සුවෙන් සිටිමින් මව්න්ට් එලිසබෙත් රෝහලේදී සිය පුත්‍රායාගේ උපන් දිනය සමරණ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මාධ්‍ය තුළ පළවී තිබිණි.

කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය සේවය දියුණු කර, රෝහල් නවීන වෛද්‍ය උපකරණ හා බෙහෙත් ද්‍රව්‍ය ලබා දී ඇති බවට පසුගිය දිනවල වැඩි වශයෙන්ම කතා කළ සෞඛ්‍ය ඇමතිවරයාටත් තමන්ගේ රෝගී තත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ රටක යෑමට සිදු වීම තුළින් මෙරට සෞඛ්‍ය සේවයේ තරම වඩා හොඳින් තහවුරු වේ.

දියුණු සෞඛ්‍ය සේවයක් ගොඩනගනවායි නිරන්තරයෙන් ඇසෙන වහසි බස්, ප්‍රලාප වලට පමණක් සීමා වෙමින් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හමස් පෙට්ටිවලම පුස් කන පසුබිමක මැති ඇමති, ඇත්තෝ මහ ජනතාවගේ බදු මුදලින් උණ හෙම්බිරිස්සාවටත් සිංගප්පූරුවට දුවද්දී ඈත එපිට රෝහල්වල බෙහෙත් පෙත්තක් සපයා ගැනීමට නොහැකිව පණ අදින සෞඛය සේවයේ පිහිට පතන දුප්පත් අසරණ මහජනයාට හැමදාමත් සිදු වන්නේ අකාලයේ මිනීවල පමණක් උරුම කරගැනීමටද?

සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර සදහා අය කරන ගාස්තු (සිංගප්පූරු ඩොලර් වලින්/ Singapore Dollar 1 = Sri Lanka Rupee 102.23)

Related posts

හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ගලවා අනුරගේ පින්තූරය පමණක් එල්ලයි

Admin

බදු නැතුව පෙට්‍රල් 150ට දෙන්න පුළුවන්?

Admin

රටේ සිදුවන දේ පත්තරෙන් දැකලා කොහොමද රට පාලනය කරන්නේ – මහින්ද අසයි

colombotoday

එදා කම්කරුවන්ගේ ලෙයින් රතු වූ රතු කොඩිය, අද අගමැති මන්දිරයේ වළං බාන රෙදි කෑල්ලක්…

colombotoday

සනත් නිශාන්තගේ සැප රියේ ගැටුණු දෙදරු පියා මරු දකී

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්, මිලියන 720ක අතුරු වන්දිය මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කරයි

colombotoday