Colombo Today Local News

ඇන්ටිජන් පරීක්ෂාවෙන් මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොවිඩ් බව තහවුරු වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

ඊයේ (12) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අබ්දුල් හලීම් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාව සැකසහිත බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීම හේතුවෙන් තමන් අද (13) දිනයේ PCR පරීක්ෂණයකට ලක් වු බවය.

එහි වාර්තා පැමිණෙන තුරු නිවෙස් නිරෝධායනයේ නිරත වී සිටින බව අබ්දුල් හලීම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මගේ ටෙස්ට් එකක් කරන්න ගියා මගේ හෙල්ත් එක සම්බන්ධව. ඒ වෙලාවේ ඇන්ටිජන් පරීක්ෂණයක් කළා. මට පොසිටිව් වගේ තියෙනවා කියලා කිව්වා. කෝකටත් මට උපදෙස් දුන්නා PCR ටෙස්ට් එකක් කරගන්න කියලා. ඒ අනුව අද මම PCR පරීක්ෂණයක් කළා. ඒකේ රිසාල්ට් එක නම් ‍හෙට තමා ලැබෙන්නේ. ඊට පස්සේ තමයි තහවුරුකරන්න පුළුවන් වෙන්නේ මට පොසිටිව්ද ? නෙගටිව්ද කියලා. මම මීට සති දෙකකට කලින් ආමි හොස්පිටපල් එකේදී මේ කොවිඩ් එන්නත ලබා ගත්තා.“

Related posts

ඩිංගි යාත්‍රාවකින් රැගෙන එමින් සිටි ලක්ෂ 60 ක අයිස් සමඟ තිදෙනෙක් අල්ලයි

colombotoday

විකුණූ බැදුම්කර යළි මිලදී ගැනීමට කැමති බව බැදුම්කර මගඩි සමාගම කියයි

colombotoday

ගිරය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමීද නොවේ. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් සටහනක්.

colombotoday

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

colombotoday

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් අල්ලයි

colombotoday