Colombo Today Local News

ගෙවල් කඩා උන්හිටිතැන් අහිමි කළැයි තොටළග වත්තේ මහ විරෝධයක්! – පාරවල් අවහිරයි

තොටළග, ෆර්ගියුසන් පාරේ තජිමා වත්තේ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට විරෝධය දක්වමින් තජීමා වත්තේ ජනතාව පෑලියගොඩ පාලම මතට පැමිණ විරෝධතා පැවැත්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

ඒ හෙතුවෙන් කොළඹට පිටවන මාර්ගයන්ගේ දැඩි වාහන තදබදයක් පවතී.. මරදාන, බේස්ලයින් මාර්ගය, පංචිකාවත්ත ප්‍රදේශයන්හිද දැඩි වාහන තදබදයක් පවතී.

විරෝධතාකරුවන් පාලම මත නිදාගෙන, වාඩිවී විරෝධතාවේ නිරතවී සිටියි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම අනවසර ඉදිකිරීම් ඉවත්කරනු ලැබීය.

විරෝධතාව මේ වනතුරුත් අවසන්ව නැති අතර ඒ හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසින් ප්‍රවේශ සහ පිටවුම් මාර්ගයන්හිද දැඩි වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

රථවාහන තදබදයේ නවතම තත්වය දැනගිනීම සඳහා මෙතනින් පිවිසෙන්න

ඡායාරූප – ලංකාදීප

Related posts

අරගලයෙන් ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්… හානි වුණු තණ කොළ වවන්න ලක්ෂ 47 ½ ක් යයි.

colombotoday

කොරෝනා කාලේ රැදවියන්ට සිය නිවෙස්වලට කතා කරන්නට නොමිළේ දුරකතන පහසුකම්

colombotoday

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin

වන්දනා ගමනකට රට යන්න ගම්මන්පිලට අධිකරණයෙන් අවසර

Admin

දින හතරක් නිවාඩු දින වීමෙන් නාමයෝජනා නීති විරෝධි වන්නේ නෑ. – ගම්මන්පිල

colombotoday