Colombo Today Local News

යාපනේ සිට පුත්තලම දක්වා වෙරළ හමුදාව ආක්‍රමණය කරලා… හමුදාව කදවුරු ඉවත් නොකළොත් ගැටුම් ඇතිවෙයි – හකීම්

hakeem 265

යාපනයේ සිට පුත්තලම දක්වා වූ වෙරළාසන්න ප්‍රදේශ හමුදාව විසින් ආක්‍රමණය කර ඇති බව අමාතය රවූෆ් හකීම් පවසයි. පසුගිය 12 වනදා පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශකර ඇත.

“උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශ හමුදාව විසින් ආක්‍රමණය කර, එහි ඇති සම්පත් සූරාකමින් සිටියි. ඇතැම් නගර අවට හමුදා කඳවුරු ඉදිකර ඇත. යලිපදිංචි කිරීම සම්බන්ධයෙන් වත්මන් රජය සිදුකරන කටයුතු ප්‍රශංසා කල යුතුය.

පුල්මුඩේ,‍ පොතුවිල් වැනි ප්‍රදේශයන්හි හමුදාව ස්ථාන ගතකර ඇත. ඇතැම් ප්‍රදේශ වැටවල් ඉදිකර වෙන්කරගෙන ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් වත්මන් රජය අවධානය යොමුකල යුතුය. මෙවැනි කටයුතු හේතුවෙන් හමුදාව සහ මහජනතාව අතර වරින් වර ගැටුම් ඇතිවනු ඇත.

ජනතාවට හිරිහැරයක් නොවන අන්දමින් හමුදා කඳවුරු ඉදිකිරීමට රජය ක්‍රියාමාර්ග ගත යුතුය. ජනතාවගේ ජීවනෝපායට හානියක් නොවන අන්දමින් හමුදා කඳවුරු ඉදිකල යුතුය” යනුවෙන් අමාත්‍ය රවුෆ් හකීම් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Related posts

දෙදරු මවක් සැමියාගේ පහරකෑමෙන් මරුට

Admin

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Admin

වෙලේ සුදාට අද ලැබුණු නියෝගය

Admin

රිෂාඩ් බදියුදින් පිළිබඳව පාස්කු කොමිසමට දුන් සාක්ෂියක් අසත්‍ය බව පවසමින් නීතිඥ රුෂ්ඩි හබීබ්ගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday