Colombo Today Local News

තැන තැන කියවන්නේ නැතිව එළියට ගියා නම් හොඳයි – නාමල් ශ්‍රීලනිපයට කියයි

තැන් තැන්වල ආණ්ඩුව විවේචනය නොකර අවශ්‍යනම් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවසා සිටී.

මාධ්‍යවේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ජනතාව ඔවුන්ට ද ඡන්දය ලබාදුන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම්. මාධ්‍යයේ මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායකයින් නොයෙක් මත ප්‍රකාශ කරනවා. ඉතින් මම හින්නේ තැන තැන කියවන්නේ නැතිව පක්ෂනායක රැස්වීමේ කියලා ගියොත් හොඳයි, ජනතාව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැහැනේ. ජනතාව එදා ඔවුන්ටත් ඡන්දය දුන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඉතින් අවසානයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර ඒ අයත් කැබිනට් මණ්ඩලයේ ඉන්නවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ අය හිතනවා නම් යම් යම් තීන්දු තීරණවලට ඒ අය වගකිව යුතු නෑ අනිත් අය විතරයි වගකියන්න ඕනේ කියලා, එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ හැම තීරණයකට ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකියන්න ඕනේ සහ සන්ධානය වගකියන්න ඕනේ. ආණ්ඩුවක් විදියට සාමුහික වගකීමක් තියෙනවා. යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, ඒ අය ඉල්ලන්නේ, වෙන ප්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැස්වීමේ දී කියලා ගෞරවාන්විතව එළියට ගියා නම් හොඳයි.”

Related posts

ලියාපදිංචි නොකල පිළිකා බෙහෙත් රටතුළ. – බළධාරීන් නිහඩයි!

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

මැතිවරණය වළක්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි කැඳවීම 23 වැනිදා..

Admin

පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි….

colombotoday

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

colombotoday

“උතුරු-නැගෙනහිරින් සිංහලයන් එලවනවාද නැද්ද.. TNA මන්ත්‍රී ජනමතවිචාරණයක් ඉල්ලයි

colombotoday