Colombo Today Local News

විජයග්‍රහණ හමුදා පෙළපාලි නෑ.. අඩු වියදම් සංස්කෘතික සංදර්ශනයක් සහ බත්තරමුල්ලේදී රණවිරු සැමරුමක් පමණයි

ranawiru12

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනි දා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරය, රජයේ අමාත්‍යවරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු පරිසක් සහභාගී වන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා පැවසීය.

මේ අතර යුධ ජයග්‍රහණයෙන් පසු අඛණ්ඩව පැවැත්වූ ‘විජයග්‍රහණයේ සැමරුම’ ත්‍රවිධ හමුදා, සන්නාහ සන්නද්ද ආචාර පෙළපාළිය වෙනුවට මෙවර සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

ඒ පිළිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නිදහස් චතුරස්‍රය අභියසදී එම සංස්කෘතික උත්සවය පැවැත්වෙන බවත් විශාල වශයෙන් මෙම උත්සව වෙනුවෙන් මුදල් වැය නොකරන අතර එම මුදල් රණවිරු සුබසාධනය සඳහා යොදවනු ලබන බවත්ය.

කිසිදු එල්ටීටීඊ සැමරුම් උත්සවයක් පැවැත්වීමට ඉඩක් නැති බද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් විසින් ‘ජනසංහාර සතිය’ නමින් යුද්ධයේදී මියගිය අය අනුස්මරණය සදාහා උත්සව මාළාවක් සංවිධානය කර ඇති අතර මැයි 18 වනදා, අවසන් යුද්ධය සිදුවූ, වෙලුපිල්ලේ ප්‍රභාකරන් මැරුම් කෑ වෙල්ලමුල්ලවෛයිකාල් ප්‍රදේශයේදී ප්‍රධාන සැමරුමක් පැවැත්වීමට නියමිතය. කවුරුන් විරුද්ධ වුවත් එය පවත්වන බවද ශිවාජිලිංගම් මාධ්‍යයට පවසා තිබිණි.

Related posts

විශේෂ කාර්ය බළකායට “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක්.

colombotoday

දෙදරු මවකගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

Admin

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

උපුල් ජයසුරිය ඥානසාර හිමිට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ සම්පත් අවභාවිතා කරයි

colombotoday

අරාබි පාසල්වල අන්තවාදය නෑ කියා මුස්ලිම් කටයුතු ඇමති කියද්දී, ආයුද පුහුණුව දුන් අරාබි පාසලක් දුම්මලසූරියෙන් හමුවෙයි…

colombotoday

කොවිඩ් රෝගීන් වැඩි වීම සෞඛ්‍ය කේෂ්ත්‍රයේ දරාගැනීමට ඇති හැකියාව ඉක්මවා යාමේ අවධානමක – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

colombotoday