Colombo Today Local News

චෙන්නායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් කඩා පනී !

චෙන්නායි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කඩාවැදීමට උත්සාහ කළ නාම් තමිලර් පක්‍ෂයේ නායක සීමන් සහ ඔහුගේ ආධාරකරුවන් 300 ක්‌ පෙරේදා (13දා) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොටි හිතවාදීන්ට සම්බන්ධ නාම් තමිලර් පක්‍ෂයේ නායකයා චෙන්නායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කඩා වැදීමට තැත්කර ඇත්තේ නාවික හමුදාව තමිල්නාඩු ධීවරයකුට වෙඩි තබා මරා දමා ඇතැයි පවසමිනි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය විමර්ශනය කිරීමට තමිල්නාඩු ධීවරයාගේ බෝට්‌ටුවේ ජී. පී. එස්‌. උපකරණ වාර්තා ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා බලධාරීන් කළ ඉල්ලීමට ඉන්දීය වෙරළාරක්‍ෂක සේවය මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නැත.

මේ අතර චෙන්නායිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැඩි රැකවල් යොදා ඇත.

Related posts

ශ්‍රීයානි විජේවික්‍රම ඒකාබද්ධයෙන් ගියා නෙවෙයි, යැව්වා !!

colombotoday

ඥානසාර හිමිගෙන් ප්‍රශ්න අහන්න ආ උලමාට කටඋත්තර නැතිවෙන්න නිසි පිළිතුරු

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.

colombotoday

වැලිකඩට අලුත් සී.සීටී.වී. කැමරා

colombotoday

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

colombotoday