Colombo Today Local News

මේ වසරේදී ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා

අවුරුදු 1ට අඩු ළදරුවන්, වයස අවුරුදු එකත් පහත් අතර දරුවන් සහ පෙර පාසල් වියේ දරුවන් අතර පසුගිය වසරට (2021) සාපේක්ෂව මේ වසරේදී මන්දපෝෂණ තත්වයන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එසේම රටේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 42.9 ක ප්‍රතිශතයක් කුමන හෝ මන්දපෝෂණ තත්වයකින් පෙළෙන බවද එම වාර්තාවේ දැක්වේ.

උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් (උග්‍ර කෘෂ බව) පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් 18,240 දෙනෙකුද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි පවසන එම කාර්යාංශය මෙම දරුවන් සමීපව අධීක්ෂණය හෝ පසු විපරම් කළ යුතු බවටද යෝජනා කරයි.

Related posts

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත්කර ඇති බව ඔහුගේ පුවත්පත වාර්තා කර සිටියි.

colombotoday

බඳින තුවක්කුවක් පත්තුවී අයෙක් මරු දකී

colombotoday

රවී, රෝසි, සුදර්ශනි සමග පාප් තුමා බැහැ දකින්න ජනපති වතිකානුවට යයි

colombotoday

ජගත් සමුළුව ඇමතීමට ජනපති නිව්යෝක් බලා පිටත්ව යයි…

colombotoday

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශවලට එළියේදී නඩු පැවරිය නොහැකි – කථානායක කියයි

Admin

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday