ගල් අඟුරු නෞකා 14 ක් මීට පෙර ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයකට අනුව මෙරටට ගෙන ඒමට නියමිතව ඇතැයි ගල් අඟුරු සමාගම පවසයි.
මේ වනවිට ගල් අඟුරු නෞකා 5ක් මෙරටට රැගෙන විත් ඇති බව ගල් අඟුරු සමාගමේ අධ්යක්ෂ නාමල් හේවගේ මහතා පවසයි.
මීට පෙර ගල් අඟුරු ගෙනඒම සඳහා කරන ලද ටෙන්ඩර් අසාර්ථක වීම හේතුවෙන් වෙනත් ක්රියාදාමයක් මත අමතරව තවත් ගල් අඟුරු නෞකා 12 ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර තිබේ.
ඔහු පැවසුවේ, තවත් ගල් අඟුරු නෞකා 28 ක් ගෙන ඒමට සූදානම් කර ඇති බවයි.