Colombo Today Local News

යාපනේට සිංහල වානා.. සිංහල ජනතාවට නිකුත් කළ අනන්‍යතා පතේ සිංහල වචනයක්වත් නෑ !

hy2323යාපනය ප්‍රදේශයේ පදිංචි සිංහල ජනතාව සඳහා නිකුත් කළ අනන්‍යතා පත්‍රයේ කිසිම තැනක සිංහල වචනයක් හෝ සඳහන් නොවන බව රට වෙනුවෙන් අපි ජාතික සංවිධාන එකමුතුව පවසනවා.

කොළඹ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේ යාපනය ප්‍රාදේශිය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මෙම අනන්‍යතා පත්‍රය දෙමළ භාෂාවෙන් පමණක් මුද්‍රණය කර තිබෙන බවයි.

එසේම ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් යානාවල ගමන්කරන මගීන් සඳහා නිකුත් කරන ආහාර මෙනුපතේ සියලු ආහාර හලාල් කර ඇතැයි සඳහන් වන බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.

නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා සිංහල බෞද්ධ සංවිධාන 33 ක් එකතුවී සිටින බවත්,ඔවුන් සමග සමග එකතුවී ජනවාරි මාසයේ සිට ලංකාව පුරා රැස්වීම් මාලාවක් පවත්වන බවත් සද්ධාතිස්ස හිමියන් සඳහන් කළා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්,කලාකරුවන්,නීතිඥවරුන්,වෛද්‍යවරුන් සංවිධානය වී මෙම වැඩපිළිවෙළට සහාය ලබාදෙන බවයි.

Related posts

ඇලෝසියස් කෝප් කමිටුවට “හලෝ” කීව සම්පූර්ණ ඇමතුම් වාර්තාව මෙන්න

colombotoday

යල කන්නෙට ඉන්දියාවෙන් පොහොර

colombotoday

දිස්ත්‍රික්ක තුනක්ට නායයෑමේ අවදානමක්

colombotoday

“රෝහිතගේ ඔලුව පැලුවේ දෙවියන්වහන්සේ.. ආණ්ඩුවට විරුද්ධව කරන අපරාධවලට දඩුවම් තමයි ඒ” ජෝන් ඇමති

colombotoday

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

ඇමති සාගල රත්නායක ඉවත් වීම අගමැතිට දන්වයි

colombotoday