World

අයි.එස්. ත්‍රස්ත නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මරු දකී..

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.

ඉරාක ජාතිකයකු වන අල් කුරේෂි මියගිය බව නිවේදනය කරනු ලැබුවේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු ඕමාර් අල් මුහජීර් විසිනි.

නායක අල් කුරේෂිගේ මරණය සම්බන්ධයෙන් වැඩි විස්තර කිසිවක් අබු ඕමාර් අල් මුහජීර් පවසා නැත.

අයි.එස්. නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි, මියගිය බව ඇමෙරිකන් ආරක්ෂක අංශ ද පවසා ඇත. ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසා ඇති ආකාරයට අල් කුරේෂි මියගොස් ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය.

ඇමෙරිකන් ආරක්ෂක අංශ අනුව අයි.එස්. නායකයා මියගොස් ඇත්තේ ‘නිදහස් සිරියානු හමුදාව’ සිරියාවේ ඩාර්ආ පළාතේ කළ වැටලීමකදී සිදුවුණු වෙඩි හුවමාරුවකදීය.

Related posts

ISIS ප්‍රහාරයකින් සිරියාවේ 22ක් මරුට 100 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ ජාලා වාරණයකට සැරසෙයි

colombotoday

ඩොලර් 40,000කට අලෙවි වූ ටයිටැනික් මගියාගේ ලිපිය

Admin

හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට ආයුධ දුන්නේ උතුරු කොරියාව – ඇමෙරිකාව චෝදනා කරයි

Admin

“රොහින්ග්‍යා සංක්‍රමණිකයන් මුස්ලිම් රටවලට යවනු” – ඉන්දියාවේ විරෝධතා (Video)

colombotoday

ISIS ත්‍රස්තවාදීන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක්?

colombotoday