Colombo Today Local News

ශ්‍රී ලංකා පොලිසියට විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් හඳුන්වාදීමේ අවබෝධතා ගිවිසුමට ඇමති ටිරාන් අලස් අත්සන් තබයි

ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පළමුවරට ශ්‍රී ලංකා පොලිසියට විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් හඳුන්වාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (12)දින සිදු විය.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදීයී.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන ජේෂ්ඨ කථිකාචාර්ය සුදන්ත ලියනගේ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදුවිය.

මෙහිදී පොලිස්පතිතුමන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සභාපතිතුමන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, වසර 30 ක පමණ කාලයක සිට මෙම උපාධි පාඨමාලාව ආරම්භ කිරීමට සාකච්ඡා කෙරුණුද අවසානයේදී මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගේ, පොලිස්පතිතුමන්ගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිතුමන්ගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්ගේ මැදිහත් වීම නිසා කෙටි කලකින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ශාස්‍ත්‍රවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට හැකිවූ බවයි.

මෙම උපාධි පාඨමාලාව ව්‍යවහාරික පොලිස් අධ්‍යන උපාධි පාඨමාලාව ලෙස නම් කර ඇති අතර මෙම පාඨමාලාව සඳහා පරීක්ෂක ශ්‍රේණියේ නිලධරයන් සහ සහකාර පොලිස් අධිකාරි තනතුරේ නිලධරයන් වසරකට 150 දෙනෙකුට අවස්ථාව හිමිවේ.

මෙම පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, යෝජිත ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය අත්තිඩිය සහ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය කළුතර යන ස්ථාන වලදී පැවැත්වේ.

සති අන්තයේදී බාහිර උපාධි පාඨමාලාවක් වශයෙන් අධ්‍යනය සඳහා අවස්ථාව හිමිවන අතර උපාධි පාඨමාලා කාලය වසර 03 කි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය සම්පත් අමරතුංග මහතා හා ශ්‍රී ලංකා පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන්ද සම්බන්ධ වී සිටියහ.

Related posts

කටුනායක වැසෙයි.. මත්තල පිරී ඉතිරෙයි

colombotoday

13 ක්‍රියාත්මක කර අවසන්… අනුර දිගටම ජනාධිපති හීනයේ ඉන්න – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin

බෙල්ලන්විල නාහිමියන් අපවත්වූයේ හෘදයාබාධයකින්.. ඇතෙකු පහරදුන් කතාව වැරදියි…

colombotoday

සකුරා අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ නිදොස් කොට නිදහස්

colombotoday

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතයි

colombotoday

කෘෂිකර්මාන්තයට මුල්තැන දෙන ජාතික ප්‍රතිපත්තියක් !

colombotoday