Colombo Today Local News

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

මෙරටින් තල් රා බෝතල් 25,000ක් අඩංගු බහාලුමක් ප්‍රංශයට අපනයනය කර ඇති බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

එම අපනයනයෙන් ඩොලර් 45,000ක පමණ මුදලක් උපයා ගැනීමට හැකිවුණු බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

එලෙස මෙරටින් තල් රා බෝතල් අපනයනය කර ඇත්තේ ප්‍රථම වතාවට ය.

උතුරු ප්‍රදේශයේ සමුපකාර සමිති හරහා තල් රා මිලදී ගැනීම සිදුකර ඇති අතර, අමෙරිකාව, කැනඩාව, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් දහයකට පමණ මේ වන විට මෙරට තල් රා අපනයනය කරනු ලබයි.

එයින් වැඩි ම තල් රා ප්‍රමාණයක් කැනඩාවට අලෙවි කරනු ලබන අතර ඉදිරියේදී තල් රා බෝතල් දකුණේ සුරාසල්වල අලෙවි කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද තල් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

වීරසේකර ඇමතිතුමා පැය බාගයක් කතා කළා. පොලිස්පති කිවුවා ප්‍රශ්නේ විසඳනවා කියලා. | නීති සිසුවාට පහරදුන් පොලිස් ලොක්කාගෙන් පුරසාරම්.

colombotoday

කිංස්ලි රත්නායක ‘සිරසෙන්‘ ඉල්ලා අස්වෙයි..

colombotoday

හදපාන්ගොඩ අභාවප්‍රාප්ත වේ

Admin

කේරළ ගංජා ළඟ තබාගත් ගුරුවරයෙක් කොටු

colombotoday

එජාපයේ අපි දුන් පොරොන්දු වලින් 80% ඉටුකර අවසන්…

colombotoday

15 හැවිරිදි දරුවෙක් දියේ ගිලී අතුරුදන්

Admin