World

ඉස්ලාම් සංක්‍රමණිකයන්ට පහර දෙන්න කළු ඇදගත් 100ක් ස්වීඩනයේ අගනුවරට රැස්වෙයි

කළු ඇදුමින් සැරසුණු 100කට අධික පිරිසක් ස්වීඩනයේ අගනුවර වන ස්ටොක්හොම් හී මධ්‍ය ප්‍රදේශයට පැමිණ ඇතැයි එරට පොලීසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසයි. ‍පොලිසිය පවසා ඇති අන්දමට මෙම පිරිස අත් පත්‍රිකා බෙදා හරිමින් සිට ඇත. එම අත් පත්‍රිකාවල සඳහන්ව ඇත්තේ තම රටට සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන්නන්ට පහර දෙන ලෙසය.

සිද්ධිය ඇසින් දුටුවන් මාධ්‍යයට පවසා ඇත්තේ විදේශිකයන් යැයි සිතූ පුද්ගලයන්ට මෙසේ කළු ඇදුමින් සැරසී සිටි පුද්ගලයන් පහර දුන් බව තමන් දුටු බවය.

එරට මාධ්‍ය සදහන් කරන පරිදි වසර 2015 පමණක් එරට පුරවැසිභාවය පතා සිටින පිරිස් 163000කට අධිකය. මෙය යුරෝපා රටකට ලැබී ඇති ඉහළම අයදුම්පත් ගණන ලෙසද සදහන්ව ඇත.

අයි එස් අයි එස් ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිරියාව ඉරාකය ඇතුළු ගැටුම් පවතින කළාපවලින් ඉස්ලාමීය සංක්‍රමණිකයන් ලක්ෂ ගණනක් යුරෝපයේ රැකවරණ පතා පැමිණ ඇති අතර එම සංක්‍රමණිකයන් අනාගතයේදී යුරෝපයේ සාමයට මහත් බාධාවක් වනු ඇති බවට විචාරකයන් මත පළකර ඇති අතර ස්වීඩනය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල ක්‍රියාත්මක වන ස්වදේශික ජාතිකවාදී බලවේග වලින්ද ඔවුන්ට එරෙහිව දැඩි විරෝධයක් ගොඩ නැගෙමින් පවතී.

පසුගියදා පැරීසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සමග දැඩිව වර්ධනය වූ ඉස්ලාම් විරෝධය යුරෝපය පුරා ඇවිල යමින් පවතින අතර සංක්‍රමණික ඉස්ලාම් භක්තිකයන්ට එරෙහිව සිදුවූ පහරදීම්ද රටවල් කිහිපයකින් වාර්තා වී තිබුණා.

 

Related posts

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

Admin

ISIS ත්‍රස්තයෝ සිරියානුු ළමයින් 200ක් එකවැර වෙඩිතබා මරා දමයි (Video)

colombotoday

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin

වසර 05 කට පසු මතුවූ ඉබෝලා අවදානම

colombotoday

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday