Colombo Today Local News

වෙළඳපොළේ සහල් මිල පහළ නොදමන්නේනම් ආනයනයට රජය සූදානම් – බන්දුල ගුණවර්ධන

වෙළඳපොළේ සහල් මිල පහළ නොදමන්නේනම් සහල් ආනයනයට රජය සූදානම් බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ දිනවල වෙළඳපොළේ සහල් හිඟය සහ මිල ඉහළ යාම පිළිබඳව අමාත්‍යවරයාගෙන් කළ විමසිමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් කඩිනමින් ආනයනය කරන බවයි.

සහල් ක්‍රිලෝග්‍රෑම් එකක් රුපියල් සියයට වඩා අඩුවෙන් අලෙවි කිරීමට පියවර ගන්නා බව ද ආමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

colombotoday

රජයේ සියලුම රෝහල්වල හා සෞඛ්‍ය ආයතනවල ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි

Admin

ලෝක ජල දිනය අදයි

colombotoday

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday

පිදුරංගල තරුණයින්ට නිදහස

colombotoday

අර්ජුනගේ ගේ හදන්න අමාත්‍යංශයෙන් ලක්‍ෂ 39ක්

colombotoday