Colombo Today Local News

ආයතන 12ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

ආයතන හා ක්ෂේත්‍ර 12ක සේවා අත්‍යවශය සේවා බවට පත් කිරීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේය.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කෙරෙන සේවා සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇති වීම වැළැක්වීම සඳහා ජනපතිවරයා විසින් මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත.

මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත්තේ,

ශ්‍රී ලංකා වරාය අධිකාරිය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු පොදු ප්‍රවාහන සේවා
ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා
සීමාසහිත ලංකා සතොස
සමූපකාර තොග වෙළෙද සංස්ථාව
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
තැපල් දෙපාර්තමේන්තුවේ සේවා
සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල
ප්‍රාදේශීය ලේකම් කාර්යාල
ග්‍රාම නිලධාරීන්
කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන්
පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාලවල සේවා
කසළ කළමනාකරණ සේවා කටයුතු

එමෙන්ම සෞඛ්‍ය සේවයට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නාවූ කවරවුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යාවශ්‍ය සේවා බව එම ගැසට්ටුවේ සදහන් වේ.

Related posts

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

සජිත් අමතද්දී ජනහමුවට ගල් ප්‍රහාරයක්.. මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි.

colombotoday

මහනුවර තදබදය අඩු කරන අලුත් සැලසුමට කිරිඇල්ලගේ ගෝලයෝ අකුළු හෙළති…. පාර වසා කෘතිම තදබදයක් ඇතිකර සැලසුම කඩාකප්පල් කරන්න හදයි…

colombotoday

පන්සල මූලිකව ගම ගොඩනගන සැලැස්ම ගෝඨාගෙන්

colombotoday

ජනපතිගේ නිර්දේශය මුදල් ඇමති කුණු කූඩයට දමලා !

colombotoday

ගීතාගේ පුටුවේ වාඩිවූ පියසේන රාජ්‍ය ඇමතිකමකට වැඩි යමක් ඉල්ලයි !!

colombotoday