Colombo Today Local News

ගම්පහ මාර්ග හතක පෞද්ගලික බස් වර්ජනයක්

ගම්පහ නගරයේ සිට මාර්ග හතක් ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ අද (9) පෙරවරුවේ සිට ධාවනය කිරීම නවතා දමමින් වර්ජනයක් ආරම්භ කොට තිබේ.

ගම්පහ – කොළඹ ( මාර්ග අංක 200 ) , කිරිදිවැල ( මාර්ග අංක 205) , කඩුවෙල ( මාර්ග අංක 1/ 228) , පූගොඩ (207), පහළ යාගොඩ ඇතුලු මාර්ග කිපයක බස් ධාවනය කිරීම මෙලෙස නතර කොට ඇත.

ප්‍රධාන බස් නැවතුම් පොලෙන් ගමන් අරඹා නගරයේ පොදු රථ ගාල අසල නවතා මගීන් ගැනීමේදී, පොලීසිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විරෝධය පළ කරමින් වර්ජනය සිදු කරන බව පෞද්ගලික බස් රථ සේවකයින් පවසයි.

මෙම වර්ජනයට අනෙකුත් මාර්ගයන්හි බස් රථ ධාවනයෙන් ඉවත්ව එක්වන බව දැනුම් දී ඇති බව ගම්පහ බස් නැවතුම්පොලෙහි ස්ථාන බාර නිලධාරී සම්පත් ජයවීර සදහන් කරයි.

Related posts

අලුත් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 10යි… හෙට දිවුරයි, ජනවාරි 01 විසුරැවා හැරේ….

colombotoday

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දුර්වල කරන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා-කාදිනල් තුමා

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

මේ බෞද්ධ රටේ ප්‍රාදේශීය සභාවකටවත් නාගානන්ද කොඩිතුවක්කු සුදුසු නැත.

colombotoday