Colombo Today Local News

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

port city

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව කොන්දේසි දෙකක් ඉදිරිපත් කර ඇතිබව වාර්තා වේ.

චීනය යුද හා ආර්ථික උපායමාර්ගික අවශ්‍යතාවය පදනම් කරගෙන ඉන්දීය සාගර කළාපයේ සිය බලය ව්‍යාප්ත කිරීම සදහා මෙම වරාය නගරය ඉදිකරන බව ඉන්දියාව දිගින් දිගට චෝදනා කර තිබූ අතර එය වැළැක්වීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගනු ලැබීය.

නමුත් මෙම ව්‍යාපෘතිය අත්හිටවූවහොත් එය චීන රජය හා ශ්‍රීලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා අත්හැරීමට තරම් බරපතළ කරුණක් වී තිබෙන අතර එබැවින් මෙම වරාය නගරය ඉදිකිරීම අනිවාර්ය වී තිබේ.

එම තත්තවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉන්දීය රජයට කරුණු පැහැදිළි කර ඇති අතර චීනයට මෙම වරාය නගරයෙහි සින්නක්කරව ඉඩම් ලබා නොදීමට හා චීන සබ්මැරීන්වලට කොළඹ අවට මුහුදු සීමාවට පැමිනීමට ඉඩ නොදීම යන කොන්දේසි මත ඉන්දීය රජය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එකගත්වය පළකර ඇත.

Related posts

ජනපති තටු කපා ETCA අත්සන් කරන්න බලගතු ඇමති තනතුරක්.. අගමැති විශේෂ පනතක් ගෙනෙයි !

colombotoday

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ

colombotoday

ෆෙඩරල් හැර වෙන විසදුමක් නෑ – විග්නේෂ්වරන්

colombotoday

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමට දින නියම කරයි

colombotoday

ගුටි කෙළියට සම්බන්ධ වූ ශ්‍රීලනිප අයගේ මන්ත්‍රී ධුර අහෝසියි ?

colombotoday

ආනයන සහ අපනයන පහසු කරයි

Admin