Colombo Today Local News

රාජ්‍ය නිලධාරියෙකුගේ කටයුතුවලට අවනත නොවූ සිරිල් ගාමිණී පුජක තුමාට වැඩ වරදී

ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එහි නිලධාරීන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

ඊයේ (05)දින මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පෙනී සිටින ලෙස අවස්ථා දෙකකදී දැනුම්දුන්නද මෙතෙක් සිරිල් ගාමිණී පියතුමන් පෙනී නොසිටි බවය.

රාජ්‍ය නිලධාරියෙකුගේ කටයුතුවලට අවනත නොවීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් එම පියතුමා විසින් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නිලධාරීන්ට දැනුම් දුන්නේ රාජ්‍ය සේවකයෙකුගේ නියෝගයකට අවනත නොවීම සම්බන්ධයෙන් අදාළ පියතුමාට එරෙහිව විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව සුදුසු නියෝග ලබාදෙන බව මහෙස්ත්‍රාත්වරයා විසින් එහිදී දැනුම් දුන් දී ඇත.

පසුගිය මස 25 වනදා “සූම්” තාක්ෂණය ඔස්සේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති සංවාදයක දී සිරිල් ගාමිණි පියතුමන් විසින් දැක්වූ අදහස්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

Related posts

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මියයයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

අනුර කුමාර එලියට දැම්මේ යහපාලන දුෂණ විරෝධී කමිටුවට ආ තොරතුරුයි.

colombotoday

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

“ජාතික ආරක්ෂාවට බ්‍රිතාන්‍ය මැදිහත් වෙයි” බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආරක්ෂක උපදේශකයෙක් !

colombotoday