Colombo Today Local News

ලංකාවේ IT රැකියා ඉන්දියාවේ මකර කටට! මේකද හංසයාට කතිරය ගහපු පිරිස බලාපොරොත්තු වුයේ?

vimal 23

රටේ දරුවන්ට හිමි තොරතුරු තාක්‍ෂණ සේවා අංශයේ රැකියා අවස්ථා ඉන්දියානුවන්ට කොල්ලකෑමට ඉඩ සලසන යෝජිත ඉන්දු-ලංකා සේවා සහයෝගිතා ගිවිසුමට එරෙහි සටන වහා ඇරඹිය යුතුව ඇතැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ එම පක්‍ෂයේ නව ප‍්‍රධාන කාර්යාලය 342, 4 වැනි මහල, කෝට්ටේ පාර, පිටකෝට්ටේ යන ස්ථානයේදී විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/867860546665100/” width=”500″ height=”400″ onlyvideo=”1″]

‘මේ වන විට ජාත්‍යන්තර වාණිජ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහත්තයා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට තිබෙනවා, ‘ලංකාවේ තොරතුරු තාක්‍ෂණ සේවයේත් තවත් සේවාවකත් රුකියා වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරනවා කියලා. අපි දන්නවා 72,000ක් පමණ පිරිසක් මේ රටේ තොරතුරු තාක්‍ෂණ සේවයේ රැකියාවල නිරතව සිටිනවා. ඒ වගේම පස්වැනි අපනයන ආදායම් මාර්ගය විදියටයි තොරතුරු තාාක්‍ෂණ සේවය තියෙන්නේ. තවදුරටත් ප‍්‍රවර්ධනය වෙමින් යන එම ක්‍ෂේත‍්‍රයේ රැකියාවලට තරගකාරීව ඉදිරිපත්වන මේ වෙලාවේ ඒ රැකියා ටික ඉන්දියානුවන්ට විවෘත කළාම මොකක්ද වෙන්නේ? අපේ අපේ දරුවන්ට ඒ ක්‍ෂේත‍්‍රයේ රැකියා ටික අහිමි වෙලා ඒ රැකියා වෙළඳ පොළ සම්පූර්ණයෙන්ම ඉන්දියාව විසින් ගිල ගැනීම.

ඉන්දියාවේ රැකියා විරහිතභාවය ඉතා ඉහළයි. ලිපිකරු සේවයේ පුරප්පාඩු 300කට අයදුම්පත් කැඳවපුවාම මිලියන 2.5ක් පමණ අයදුම්පත් ලැබෙනවා. ඒ රැකියා විරහිතයන් අඩු දැනුමක් ද සහිතව ශ‍්‍රී ලංකාවට පැමිණීම වළක්වන්න බැහැ. ජූනි මාසයේ අත්සන් කිරීමට නියමිත ඉන්දු ලංකා සේවා සහයෝගිතා ගිවිසුම මගින් එයට පාර කපනවා. මේකද හංසයාට කතිරය ගහපු පිරිස බලාපොරොත්තු වුයේ? මේ මගින් පළමු වටයේදි තොරතුරු තාක්‍ෂණ සේවා සහ නාවික ඉංජිනේරු සේවා ඉන්දියානුවන්ට ගිල ගැනීමට ඉඩ සැලසෙනවා. ඒක මෙතැනින් නතර වෙන්නේ නැහැ. මේකේ අවසන් කෙළවර තමයි දනුෂ්කොඩි සිට මන්නාරම දක්වා පාලමක් ඉදි කරලා මේ රට ඉන්දියාවේ 26 වැනි ප‍්‍රාන්තය බවට පත් කිරීම.

මේ මහා පාවාදීමට එරෙහිව මේ රටේ ජනතාව නැගී සිටින්න ඕනෙ. අපේ දරුවන්ට අයිති අපේ රට තුළ තිබෙන තොරතුරු තාක්‍ෂණ රැුකියා අවස්ථා ඉන්දියානුවන්ට කොල්ලකන්න ඉඩ නොදෙන සටන අපි අරඹන්න ඕනේ’’

 

Related posts

වැඩි මිලට සීනි ගන්න එපා. විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි

colombotoday

චීන විදේශ ඇමති වැන්ග් යී අද දිවයිනට

colombotoday

කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිමින් තවත් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි බොරු පැතිරූ අයට වැඩ වරදී

colombotoday

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

Admin

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

colombotoday