Colombo Today Local News

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත ලබා දීම අද සිට

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත් ලබා දීමේ විශේෂ වැඩසටහන ත්‍රිවිධ හමුදාවේ ද සහයෝග ඇතිව අද(11)දින ආරම්භ කෙරේ.

කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ දෛනිකව පුද්ගලයින් 30,000 කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට මෙමගින් සැලසුම් කර ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ඉහළ යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා මේ වනවිට රෝහල් ධාරිතාව ඉහළ නංවමින් සිටින බවය.

වෛරසය ආසාදනය වීමෙන් වැලකීම සඳහා හැකි තරම් සංචරණය සීමා කර නිවෙස්වලට වී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

මේ අතර කොළඹ නගරයේ ස්ථාන 08 ක සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද සිදු කරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

ඊ චැනල් සේවාව මගින්ද ඒ සඳහා වෙලාවක් වෙන් කරවා ගත හැකි බව ඇය ප්‍රකාශ කළාය.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 23,575 කට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Related posts

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බිරිඳගේ ප්‍රාඩෝ රථය උස්සලා

Admin

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4ක් මරුට

Admin

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

අලුත් පක්ෂයේ නම මහින්ද මුල් වරට හෙළි කරයි !

colombotoday