Colombo Today Local News

හිටපු ජනාධිපති මෛත්‍රීට කොවිඩ්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

සෙම් රෝග ලක්ෂණ පැවතීම නිසා අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච් රෝහලට) ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේ සිදුකළ පරීක්‍ෂණයකින් හිටපු ජනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) පෙරවරුවේ සෙම් රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට ගොස් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා හමුවී ඇති අතර එම අවස්ථාවේ මෙම පරීක්‍ෂණය සිදුකර තිබේ.

ඔහු ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණ ඇති බවත්, මේ වන විට නිවෙසේ ප්‍රතිකාර ලබන බවත් වාර්තාවේ.

Related posts

ඇරියස් වාහන බලෙන් උස්සන්න බැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

GSP+ ගන්න, සමලිංගිකත්වය නීතිගත කර, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න රජයේ අවධානය !

colombotoday

දෙහිවල මුහුදේසිටි පුද්ගලයෙක් කිඹුලෙකුට බිලි වෙයි

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin

මුදල් ඇමැති රවීගේ අලු‍ත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්!

colombotoday

මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin