Colombo Today Local News

වත්මන් රජයට ඉදිරි මැතිවරණයකදී සියයට 20කවත් ඡන්ද නෑ. | ජන වරමක් නැති රජයක් සමඟ ගනුදෙනු කිරීමට IMF සූදානම් නැහැ

වත්මන් රජය නියෝජනය කරන කණ්ඩායමට ඉදිරි මැතිවරණයකදී සියයට 20කවත් ජනතා සහයෝගයක් නොලැබෙන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

ඔවුන් එය දන්නා නිසා කුමන හෝ උප්පරවැට්ටියකින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට උත්හාහ කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා කියයි.

රටේ විවිධ කණ්ඩායම් විවිධ මත දරණ බව කී ජී.එල් පීරිස් මහතා කොළඹ දී ඊයේ (2)දින පැවති විරෝධතාව අතරතුර ඇති වූ සිද්ධිය විපක්‍ෂනායකවරයා ප්‍රතික්‍ෂේපවීමක් ලෙස තමන් නොදකින බව ද සඳහන් කළේය.

මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (3)දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වර්ෂය අවසානයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර ලැබෙනු ඇතැයි රජය අපේක්‍ෂා කළත්, එහිදී රජයේ සුජාතභාවය තමන්ට වැදගත් බවත්, තමන් ගනුදෙනු කිරීමට සූදානම් ජන වරමක් ඇති රජයක් සමඟ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව ද ඔහු සදහන් කළේය.

Related posts

භාණ්ඩ හයක මිළ පහතට !

colombotoday

නව අධිකරණ ශාලා 100ක් ඉදි කිරීමට සැලසුම්

colombotoday

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

colombotoday

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්

colombotoday

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Admin