Colombo Today Local News

“කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් අවශ්‍යයි”

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කළයුතු බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (28)දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

“කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ නියමයන්ට අපි මුදල් කාරක සභාව මේ අවස්ථාවේදී අනුමැතිය දුන්නේ නෑ. ප්‍රධාන හේතුව තමයි, පළමු පාරට තමයි කැසිනෝවලට බලපත්‍ර දෙන්න, නියාමනය කරන්න මේ පනත ගෙන එන්නේ. ලෝකයේ සාමාන්‍යයෙන් කැසිනෝ බලපත්‍ර දෙනකොට නියාමන අධිකාරියක් තිබෙනවා.”

මෙම පනත හරහා අමාත්‍යවරයාට ඒ සඳහා බලය ලබා දී ඇති බව ත් ඒ හේතුවෙන් අදාළ නියාමන ආයතනය අව ම වශයෙන් ගෙන එන්නේ කවදා ද? යන්න දළ වශයෙන් හෝ කමිටුවට දැන්වීම වැදගත් බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday

පොට්ට නවුෆර් බන්ධනාගාරයේදී මිය යයි.

colombotoday

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා දැමීම : ‘මහසොහොන්‘ නම් බලකායක් තොප්පිය දමා ගනී !

colombotoday

මේ ආණ්ඩුවනම් මේ කපේට වැටෙන්නේ නෑ

Admin

කන්ජිපානි ඉම්රාන්ගේ පියාත් අත්අඩංගුවට

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday