Colombo Today Local News

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කැනීමට අලුත් සමාගමක්

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කැනීම් සඳහා පිහිටුවන නව සමාගම යටතේ, මෙරටට 15% ක හිමිකාරිත්වය ලබාදෙමින් විදේශීය සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අද(26)දින පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ පිළිබඳව සඳහන් කළේ ය.

ඛනිජ තෙල් ගවේෂණයට හා කැනීම සඳහා මෙරටට පැමිණෙන සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම රජයේ හවුල්කරු සමග කටයුතු කිරීම මෙහි අරමුණ බවත් , මෙම සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් යටතේ පිහිටුවීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසිය.

මේ අතර , 15% ක හිමිකාරිත්වය හා අධ්‍යක්ෂක තනතුරද මෙම සමාගමට හිමිවෙයි.

තෙල් හා ගෑස් කැනීම්වලින් උපයන ලාභයෙන් කොටසක් ලංකාව සතු වන අතර , මෙම විෂය පිළිබඳව තාක්ෂණික දැනුම ලබා ගැනීමටද මේ හරහා හැකියාවක් පවතින බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

Related posts

මන්දකට හසුවී තවත් දිවියෙකු අවසන් ගමන් යයි

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

ඒකීයභාවය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහෝසිවන යෝජනාවලට ශ්‍රීලනිප එකගත්වය නෑ

colombotoday

මහවැලි ගඟේ නන්නාදුනන කාන්තාවකගේ මළ සිරුරක්

colombotoday

හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්

colombotoday