World

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් ෆෝඩ් සමාගම නැවත ගෙන්වයි

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් නැවත කැඳවීමට ෆෝඩ් සමාගම තීරණය කර තිබේ.

ඉන්ධන ඉන්ජෙක්ටරයේ ඇති දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර එබැවින් සිය මෝටර් රථ පරීක්ෂා කර ගන්නා ලෙස ෆෝඩ් සමාගම වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ෆෝඩ් සමාගම පවසන්නේ 2020 – 23 වර්ෂවලට අදාළ සිලින්ඩර් 3ක ධාරිතාවයෙන් යුතු 1.5L එංජින් සහිත Bronco Sport සහ Escape SUVs වාහන නැවත කැඳවන බවය.

ලොව පුරා විකුණා ඇති මෝටර් රථ සඳහා එම තීරණය අදාළ බව ෆෝඩ් සමාගම පවසයි.

හඳුනාගෙන ඇති දෝෂය හේතුවෙන් ගිනි ගැනීම් ඇතිවිය හැකි බව ෆෝඩ් සමාගම පවසයි.

Related posts

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin

ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයි

Admin

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයි

colombotoday

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday

මැති, ඇමැති, නිලධාරී සියලු දෙනාගේ හෙළුව එලියට | ඔත්තු බලන පෙගාසස් මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇතුළේ

colombotoday