Colombo Today Local News

බුද්ධි සේවා ප්‍රධානීගේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගන්නවා – CID ය අධිකරණයට කරුණු වාර්තා කරයි

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා ඇතුළු තවත් පාර්ශව කිහිපයක් සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි සුරේෂ් සලේ මහතා විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි නෛතික කටයුතු සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25)දින අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් අවසන්ව නොමැති බවත් ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ලබා ගත යුතුව ඇති බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25)දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විනි.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් අවස්ථා තුනක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දුන් බවත්, තවදුරටත් විමර්ශන සිදු වෙමින් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශව කිහිපයක් තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර විමර්ශන ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරමින් නඩුව කල් තැබීය.

Related posts

කොම්පඤ්ඤවීදියේ කර්මාන්ත ශාලාවකින් අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදයක් ආසාදිතයෙකු හදුනා ගනී

colombotoday

මත්තල ගුවන්තොටුපොළින් 2022 දී කෝටි 2221ක් පාඩුයි

Admin

“අද අපේ රට පරාධීන තත්වයට පත්වෙලා“ – අතුරලියේ රතන හිමි

colombotoday

මහනුවර, මහයියාවේ වැඩිහිටි නිවාසයක 47කට කොවිඩ් – තිදෙනෙක් මිය ගිහින්

colombotoday

පිටකොටුවේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට

colombotoday

මහනායක හාමුදුරුවන්ට අභියෝග කිරීම දේවදත්ත සම්ප්‍රධායේ වැඩක්. | සේරුවිල අත්පත්කර ගැනීමට කිරිබත්ගොඩ හිමි දේශපාලන හිතවත්කම් යොදා ගන්නවා ?

colombotoday