Colombo Today Local News

සජබ මන්ත්‍රීවරු රෝස පටි පලදියි.

මැතිසබයේ කාන්තා හිංසනයට විරෝධය පළ කරන බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් “කාන්තාවන්ට එරෙහි හිංසනය වළක්වමු” යන පාඨය සිය ශරීරයන්හි ප්‍රදර්ශනය කරමින් අත්වල රෝස පැහැති පටියක්ද පැළඳ මැතිසබයට අද (25)දින පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ දේ පැවසීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක්ද පෙරවරුවේ ඇතිවිය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය.

රෝහිණි මන්ත්‍රීවරියටමේ සභාවේදී සිදුවූ හිංසනය ගැන කතානායකතුමා හෙළා දැක්කා. ඒකෙන් ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. නමුත් මෙතැනදි අපි ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා.

මෙතන එදා සිදු වුණේ අපි කවදාකවත් නොදැකපු තත්වයක්. ඒ මන්ත්‍රීවරයාට දඩුවමක් දෙන්න ඕන.කාන්තාවන්ට හිංසන වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය යෙදිල තියෙන්නෙත් අද. මේකත් හරියට දෛවයේ සරදමක් වගෙයි. අද ඉඳලා දවස් දහසයක් මුළු ලෝකයම මේ ගැන කතා කරනවා. මේ සිද්ධිය පාර්ලිමේන්තුවට ලැජ්ජාවක්. මේක ඔබතුමා හෑල්ලුවට ගණන් ගන්න එපා.”

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

මම ඒ ගැන තීරණයක් දුන්නා. ඔබතුමා තිස් අවුරුද්දක් මේ සභාවේ හිටියා. මාත් මෙතන කාලයක් හිටියා. මීට වඩා වචන පහුගිය පාර්ලිමේන්තුවේදී අපිට ඇහුණා. නමුත් ඒ සම්බන්ධයෙන් ගත්තු තීරණයක් නැහැ.

Related posts

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

colombotoday

හෝමාගම මූලික රෝහලේ කොරෝනා මළසිරුරක් නරක් වෙලා… කාර්යමණ්ඩලයේ ජීවිත වලට දැඩි බලපෑමක්

colombotoday

සරසවි සිසුන්ට කදුළුගෑස්, අධිපීඩන ජල ප්‍රහාරයක්…

colombotoday

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday